පැහැර ගැනීම් වලට විරෝධය


"සුදු වෑන් පැහැර ගැනීම් වලට විරුද්ධ වෙමු. එම සංස්කෘතිය නැවැත්වීමට ආණ්ඩුවට බලකර සිටිමු." යන තේමාව යටතේ අතුරුදන්වූවන්ගේ පවුල් එකතුව  සංවිධානය කළ විරෝධතාවක් තුම්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී අද (10) පැවැත්විණ.

පසුගිය දිනවල නීති විරෝධි ලෙස පුද්ගලයින් පැහැරගැනීම් කීපයක් කිළිනොච්චි,අම්පාර,මීගමුව වැනි ප්‍රදේශ වලින් වාර්තාවීම මෙම විරෝධතාවයට හේතු විය.

ඔවුහු පසුව අග්‍රාමාත්‍ය කාර්යාලයටද , විදේශ අමාත්‍යාංශයටද , ජනාධිපති ලේකම් කාර්යාලයටද ගොස් තම ඉල්ලීම් ඇතුළත් සංදේශයක් බාර දුන්හ.

RDS_0123 RDS_0149 RDS_0185