පිය - පුතු දෙදෙනාගේ අත්දැකීම් එක්වූ පොත


20160425Emran_1එම්රාන් හෂ්මි කියන්නේ වැඩි වශයෙන් සරාගී චිත්‍රපටවල ඉන්න චරිතයක්. ඔහු බොහෝ ජනප්‍රියත්වට පත්වෙලා තියෙන්නේ සිපගැනීම් දර්ශන නිසා බව ප්‍රකට කාරණාවක්. ඉතිං පසුගිය දිනෙක එම්රාන් විසින් වෙනස් වැඩක් කරලා කියලා තමයි ඉන්දියාවෙන් ආරංචි වෙන්නේ. ඒ තමන් විසින් රචිත පොතක් එළිදක්වීමෙන්. ඒ පොතත් නම් කරලා තියෙන් නේ 'කිස් ඔෆ් ලයිෆ්' කියලයි.

නමුත් මේ පොත ලියැවෙන්නේ  තමන්ගේ පුත්‍රයා වන අයාන්, කාලයක් තිස්සේ පිළිකා රෝගයෙන් පීඩාවිඳීමත් සහ ඔහු පුදුම සහගත ලෙස රෝගයෙන් මිදීමත් සමගයි. තමන්ගේ පුතා පීඩාවින්ද කාලය තුළදී මේ පිය-පුතු දෙදෙනාගේ අත්දැකීම මේ පොතේ සඳහන්වෙලා තිබෙනවා. සුප්‍රසිද්ධ ලේඛකයෙකු වන බිලාල් සිද්ධික් මේ පොත රචනා කරන්න එම්රාන්ට සහය පළ කර ඇති බවටද සඳහන්.

මේ වෙද්දි මේ පොත ඉතාම ඉහළ මට්ටමක අලෙවියක් පවතිනවා. එම්රාන් සඳහන් කරන්නේ මේ පොතෙන් එක් පිළිකා රෝගියෙකු ජීවිතය ජයගන්නා අවස්ථාවක් උදාකරගත්තොත්,  එය තමන් ලැබූ ලොකුම ජයග්‍රහණය බවයි.