දෙමළ ජාතික සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝෂප් පරරාජසිංහම් ඝාතනය සමිබන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටි නැගෙනහිර හිටපු මහ ඇමති සිවනේසතුරෙයි චන්ද්‍රකාන්ත් හෙවත් පිල්ලයාන් ඇතුළු සිව් දෙනා ලබන (4) වැනිදා තෙක් යළි රිමාන්ඩ් ලෙස මඩකලපුව මහේස්ත්‍රාත් එම්.ගනේෂරාජා මහතා අද (20) නියෝග කළේය.
2005 වසරේ දෙසැම්බර මස 25 වැනිදා මඩකලපුව ශුද්ධ වූ මරියා දෙව් මැදුරේ පැවති නත්තල දේව මෙහෙයට එක්ව සිටි ජෝෂප් පරරාජසිංහම් මහතාව වෙඩි තබා ඝාතනය කිරීමෙි සිද්ධියට අදාල පරීක්ෂණ සිදුකළ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමෙින්තුව සැකකරුවන් අත්අඩංගුවට ගත්තේය.