ජනාධිපති ආරක්ෂක අංශයේ වාහන වලින් 2015 ජනවාරි 25 සිට 2016 මාර්තු 16 දක්වා සිදු වූ අනතුරු වලින් 6 දෙනෙකු මිය ගොස් 11 දෙනෙකු තුවාල ලබා ඇතැයි පාර්ලිමේන්තුවේ දී කියැවිණි.
උදය ගම්මන්පිල මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය ඇමති නිරෝෂන් පෙරේරා සභා ගත කළ උත්තරයේ එම තොරතුරු දැක්වේ.