පෙලපාලි ගිය කතුන් 3 ක් ඇතුළු 5 ක් පොලිස් බාරයට


(සුමිත් පොතුපිටිය සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බළමණ්ඩලයේ භික්ෂු බළමණ්ඩලයේ කැදවුම්කරු ගල්වැව සිරිධම්ම හිමි සහ අන්තර් විශ්ව විද්‍යාලය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුරුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කරන ලෙස රජයට බලකරමින් විරෝධතා පා ගමනක යෙදුණු කාන්තාවන් දෙදෙනකු අද  ඇතුළු පස් දෙනකු භාරයට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .

සැකකරුවන්ගෙන් මේ වන ප්‍රශ්න කිරීම සිදු කරගෙන යනු ලබන බව පොලිසිය පොලීසිය පැවසීය.

අදාල කාන්තාවන් දෙදෙනා අද උදෑසන 9:30 ට පමණ කළුතර බෝධීන් වහන්සේ වැඳපුදා ගැනීමෙන් රඳවාගෙන සිටින සිරිධම්ම හිමි සහ වසන්ත මුදලිගේ රුව ඇතුළත් පුවරු දෙකක් අතැතිව විරෝධතාව පළකරමින් පාගමන යෙදුණු අතර, කළුතර පාලම මතදී සහකාර පොලිස් අධිකාරිවරුන් දෙදෙනෙකු සහිත පොලිස් නිලධාරින් දෙසීයකට ආසන්න පිරිසක් විසින් මග හරස් කරමින් ඔවුන් හරවා යවන ලදී.

පසුව එම කාන්තාවන් දෙදෙනා ඇතුළු පිරිසක් බස්රථවලින් ගාලු පාර ඔස්සේ කොළඹ දෙසට පැමිණ කළුතර උතුර ප්‍රදේශයෙන් බැස නැවත පාගමන යෙදෙන ලදී.

ඉන් පසුව පිළිවෙලින් වාද්දුව පින්වත්ත සහ පානදුර දකුණ පොලිස් නිලධාරීන් නිළධාරීන් කණ්ඩායම් ඔවුන් හරවා යැවීමට අවස්ථා කිහිපයකදී උත්සාහ ගත් අතර, ඒ මොහොතේ විරෝධතා පෙළපාලියේ පැමිණි පිරිස් සහ පොලිස් නිලධාරීන් අතර උණුසුම් තත්ත්වයන් ඇතිවිය.