පෙළපාළි යන්න ගිය ප්‍රසන්න රණවීර රෝහලේ


ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා මැයි දින පෙළපාළියට සහභාගී වෙමින් සිටියදී මාර්ගයේ ඇද වැටීම හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළු කළ බව රෝහල් ආරංචි කියයි.

කිරුලපන පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින රැලියට සහභාගී වීම සඳහා ප්‍රසන්න රණවීර මහතා පෙළපාළියෙන් ගමන් කරමින් සිටියදී එසේ අනතුරට ලක්ව ඇත.