පොලිස් කූඩුවේදී සැකකරුවෙක් මිය ගියැයි ගම්මු පොලිසිය වටලති


(අජිත්ලාල් ශාන්තඋදය සහ දාපනේ ජයන්ත නානායක්කාර)

පවුල් ආරවුලක් හේතුවෙන් අත්අඩංගුවට පත් සැකකරුවෙකු පොලිස් සිර මැදිරිය තුළදී ගෙලවැළලාගෙන මිය ගියැයි කියන සිද්ධියක් සම්බන්ධෙයන් රැස්වු දහසකට ආසන්න පිරිසක් 17දා පෙරවරුවේ ඇඹිලිපිටිය පනාමුර පොලිස්ථානය වැටලීය.

පනාමුර වැලිපොතයාය ගමේ 38 හාවිරිදි කරළහින්ගේ නිමල් ජයරත්න යන අය මෙසේ පොලිස් සිර මැදිරිය තුළදී ගෙලවැළලාගෙන මියගොස් තිබු බව පැවැසේ.

මියගිය තැනැත්තාට එරෙහිව ඔහුගේ බිරිඳ විසින් පවුල් ආරවුලක් සම්න්‍ධයෙන් පනාමුර පොලීසියට පැමිණිල්ලක් කර තිබුණි. 16දා රාත්‍රී 09.30ට පමණ පනාමුර පොලීසියෙන් මියගිය තැනැත්තා අත්අඩංගුවට ගෙන තිබුණි. ඔහු පොලිසියේ සිර මැදිරිය තුල රඳවා තිබිය දී 17දා අලුයම 03.00ත් 03.30ත් අතර දී ගෙලවැළලාගෙන සිටියදී පොලිස නිලධාරින් විසින් බේරාගෙන ඇඹිලිපිටියන දිසා මහ රෝහල වෙත ගෙන ගොස් තිබුණි. රෝහලට ගෙනයනවිටත් ඔහු මියගොස් තිබුණ බව පොලිසිය පැවසුවේය.

මේ සිද්ධිය සැලවීමත් සමග මියගිය තැනැත්තාගේ ගමේ දහසකට ආසන්න පිරිසක් පනාමුර හන්දියට පැමිණ පනාමුර හන්දියෙන් ඇඹිලිපිටිය, කොලොන්න සහ ඕමලපේ යන මාර්ග තුනම හරස්කළහ. පසුව වාහන වලට යා නොහැකි ලෙස යටර් පුලුස්සා බාධා කළහ. ඒ නිසා පනාමුරේ හන්දිය හරහා වාහන ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇණ හිටියේය.

එක්රැස්වු පිරිස පනාමුර පොලිස්ථානය ද වැටලූහ. පොලීසියට ඇතුලු වීමට ද උත්සාහ කළහ. පොලීසිය එය ව්‍යවර්ථ කරනු ලැබීය. පනාමුර පොලීසියේ සහයට කොළොන්න, ඇඹිලිපිටිය පොලිස්ථාන වලින් අතිරේක පොලිස් කණ්ඩායම් ද කැඳවා තිබුණි.

ඇඹිලිපිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නුවන් මෙන්ඩිස් මහතා ඇතුලු සහකාර පොලිස් අධිකාරීවරුන් කිහිප දෙනෙක් ම එහි පැමිණ සිටියහ.