පොලිස් පොතෙන්


හිටපු මන්ත්‍රී,බළපිටිය ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක සජින් ද වාස් ගුණවර්ධනට කාන්තාවක් විසින් දුරකතනයෙන් බැන මරණ තර්ජනය කරන ලදැයි අම්බලන්ගොඩ පොලිසියට පැමිණිලි කර ඇත.

සෙනසුරාදා සවස ජංගම දුරකතනයකින් තමන්ට ඇමතුමක් දුන් කාන්තාවක්  තමන් ගාල්ලේ පැවැත්වෙන මැයි රැලියට ගියහොත් වෙඩිතබා මරා දමන බව පැවසූ බවත් වාස්ගේ පැමිණිල්ලේ සඳහන්වේ.


ගාල්ලේ දක්ෂිණ නාවික හමුදා කඳවුර ඉදිරිපිටදී අයිතිකරුවකු නොමැති යතුරුපැදියක් දොඹකරයක ආධාරයෙන් පොලිසියට රැගෙන ගිය බව ගාල්ල පොලිසිය කියයි.

යතුරුපැදිය තිබූ මාර්ගයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි පෙළපාළියක් යෑමට නියමිතව තිබිණි.