පොලිස් පොතෙන්


කැලණි ගඟට අපද්‍රව්‍ය බැහැර කළ බව කියන සැකකරුවන් 28 දෙනකු පෑලියගොඩ හා වත්තල දී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

මේ අතර හේකිත්තේ දී හැමිල්ටන් ඇළට අපද්‍රව්‍ය බැහැර කළ තවත් 7 දෙනකු ද අත්අඩංගුවට ගෙන ඇත.


නීති විරෝධී ලෙස මී දෙනුන් 14ක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් සමග සැකකරුවන් දෙදෙනකු අවිස්සාවේල්ල තානායම අසලදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.