පොලිසියයි නගර සභාවයි ලොකු අනතුරක් වළක්වයි


දඹුල්ල නගර  මද සිදුවන්නට ගිය අනතුරක් දඹුල්ල පොලිසිය හා මහ නගර සභාව එක්ව වළක්වා ගත්තේය. නගර මධ්‍යයේ පිහිටි පලු ගසක මුලට කිසිවකු ගිනි තබා ඇතැයි කියති. අද (20) උදේ ගස මුදුනින් ගිනි දැල් දැක පසුව ගිනි නිවන ඒකකය හා පොලිසිය එක්ව ගස මැදින් පැතිර ගිය ගින්න නිවා දැමු අතර එසේ නොකළේනම් ප්‍රධාන මාර්ගයට හෝ අසල පිහිටි ගොඩනැගිලි මතට ගස් කඩාවැටීමට ඉඩතිබිණි.

මේ ගස මුලට ගිනි දැමීම කඩාකප්පල්කාරී ක්‍රියාවක් බව පවසන දඹුල්ල පොලිසිය ගිනි තැබූ පුද්ගලයා අත්අඩංගුවට ගන්නා බව පවසයි.