පොලීසියෙන් ගැහුවලු : පොලීසියට ගැහුවලු


රතුගල ආදිවාසී නායක සුදා වන්නිල ඇත්තන්ට ඔහුගේ බිරියට හා ඥාති පුතෙකුට පොලිසියෙන් පහර දුන්නැයි කියමින් බිබිල රෝහලට ඇතුළු වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යයාලය කියයි. මිනිපිරියගේ උපන්දින සාදයක් පවත්වද්දී පොලිසිය සිවිල් ඇඳුමින් පැමිණ පහර දුන් බව සුදා වන්නිල ඇත්තන් කියයි.

පොලිසියට ලැබුණු පැමිණීල්ලක් අනූව වැදි නායකයාගේ නිවසේ බූරුපොළක් වැටලීමට ගිය බවත් එහිදී පහර දීමකකට ලක් වූ බවත් රත්මල්ගහ වැව පොලිස් මුරපොළේ පොලිස් සහායකයෙකු  රෝහල් ගත වෙමින් පොලිසියට කියා ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යයාලය පැවසූයේ අම්පාර සහකාර පොලිස් අධිකාරීවරයා මෙහෙය වීමෙන් සිද්ධීය ගැන විම්ශනයක් පැවැත්වෙන බවයි.

03-බිබිල-රෝහලේ-ප්‍රතිකාර-ලබන-සුදාවන්නියා