පොහොර සහනාධාරය තිබූ ලෙසටම ලබාදෙන ලෙසත් වී කිලෝවකට රුපියල් 45ක සහතික මිලක් ලබාදෙන ලෙසත් වන අලි හානිය අවම කිරීමට විදුලි වැටක් සවිකරන ලෙසත් බල කරමින් බලංගොඩ කල්තොට ගොවිජනපදයේ ගොවීහු අද (27) උද්ඝෝෂණයක නිරත වූහ.
කල්තොට මංසන්ධියේ සිට කල්තොට ගොවිජන සේවා මධ්‍යස්ථානයට පාගමනින් ගිය ගොවීහු එහි විරෝධය පෑහ. එහි ප්‍රාදේශීය නිලධාරීවරයාට සංදේශයක්ද බාරදුන් ගොවියෝ වහාම පොහොර සහනාධාරය ලබාදෙන ලෙස ඉල්ලා සිටියහ.