බංගලිදේශ මහ බැංකුවේ රහසිගත දත්ත ගබඩාවට බලෙන් ඇතුළුවී ශ්‍රී ලංකාවේ ශාලිකා ෆවුන්ඩේෂන් ආයතනයට ඇමරිකා ඩොලර් මිලියන 20ක් බැර කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සොයාගත් පරිගණකයක් හා පරිගණකයක දත්ත රැස්කර ගන්නා සීපීයූ හා ජංගම දුරකථන දෙකක් විශ්ලේෂණය සඳහා මොරටු විශ්ව විද්‍යාලයේ පරිගණක විශේෂඥයන් වෙත යැවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා රහස් පොලිසියට අවසර දුන්නේය.
එම සිද්ධිය සම්බන්ධයෙන් කිසිවකු අත්අඩංගුවට ගෙන නැත.