බස්නාහිර සභාවෙත් අමුතු සෙල්ලමක්


පසුගිය රජය සමයේ සිදුවූ වංචා, දූෂණ හා මිනීමැරුම් පිළිබඳ පරීක්‍ෂණ කරන්නා සේම 1989 හා 1990 සිදුවූ ජීවිත හා දේපළ හානි පිළිබඳ සොයා බලන්නට කමිටුවක් පත්කර වැරදිකරුවන්ට දඬුවම්  දෙන්නැයි බස්නාහිර පළාත් සභා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රී ලලිත් එල්ලාවල මහතා ගෙන ආ යෝජනාවක් අද එම සභාවේ විවාදයට ගනිමින් තිබියදී ගණපූරණය නැතිවිය.

ආණ්ඩු පක්‍ෂයේ මන්ත‍්‍රීවරයෙකු ගෙන ආ මෙම යෝජනාව ගැන විවාදයට අහිර කරමින් ගණ පූරණයක් නැතැයි මතු කළේ ආණ්ඩු පක්‍ෂයේම රෝහණ අබේගුණවර්ධන මහතාය.

පසුගිය සභාවාරයේද ගණපූරණය නොමැතිවීම හේතුවෙන් සභාව අතරමැද කල් තැබුණු අතර එදිනද ආණ්ඩු පක්‍ෂයේ මන්ත‍්‍රීවරයෙකු ගෙන ආ යෝජනාව විවාදයට ගනිමින් තිබියදී ගණ පූර්ණය පිළිබ`ද ප‍්‍රශ්නය මතු කළේ ආණ්ඩු පක්‍ෂයේම මන්ත‍්‍රීවරයෙකු විසිනි.