බැසිල් හා දිවිනැගුම හිටපු ලොක්කාත් රිමාන්ඩ්


හිටපු  ආර්ථික සංවර්ධන ඇමැති  බැසිල් රාජපක්ෂ අගෝස්තු 01 වැනි දා වන තෙක් රිමාන්ඩ් කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා නියෝග කළේය.

දිවිනැගුම දෙපාර්තමේන්තුවේ රුපියල් මිලියන 36.5 ක් පසුගිය ජනපතිවරණයේ දී  ඡන්ද වැඩට  ගැනිමේ අරමුණින් අවසරයකින් තොරව පළාත් පාලන ආයතන වලට  බෙදා දුන්නැයි හිටපු ඇමැති ද දිවිනැගුම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමිත කිත්සිරි රණවකට ද එරෙහිව පැමිණිලි ලැබී ඇතැයි පොලිසිය උසාවියට  දැන්වීය.

හිටපු අධ්‍යක්ෂ ජනරාල් අමිත කිත්සිරි රණවක ද අගෝස්තු 01 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.

web-4f241597daedc3fcc6cc3d532b764e43d34a52202b41ac58622df45d5c3f6653_full.1