බැසිල්ගේ ගෝලයෙකුට ඇප : හිටපු ලේකම්ගේ ඇප ලිහිල් කරයි


හිටපු ආර්ථීක සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට අයත් බව කියන ගම්පහ ඔරුතොට පාරේ ඉඩමක් සඳහා රජයේ මුදල් අවභාවිතා කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු වූ උපුල් රංජන් දිසානායක ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් කාවින්ද්‍ය නානායක්කාර මහත්මිය රුපියල් 50000 ක ඇප හා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප 3 ක් මත මුදා හරින ලෙස නියෝග කළාය.

මේ අතර මේ සිද්ධිය සම්බන්ධයෙන්ම කලින් නියම කළ රුපියල් ලක්ෂ 400 ක ශරීර ඇපය අද සංශෝධනය කළ අධීකරණය එම දෙදෙනාද රුපියල් 50000 ක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප 3 ක් මත නිදහස් කරන ලෙස නියෝග කළාය.

ඔවුන් බදාදා (25) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.