බැසිල්ගේ හිටපු ලේකම්ටත් ඇප තියන්න බැරිවෙයි


බැසිල් රාජපක්ෂ මහතාගේ ඔරුතොට දේපළ සම්බන්ධයෙන් අයථා ගනුදෙනුවක් වී යැයි කියන සිද්ධිය මත බැසිල් රාජපක්ෂ ගේ හිටපු ලේකම් විලී ගමගේ හා බැසිල් පදනමේ භාණ්ඩාගාරික ආරියරත්න දහනායක දැඩි ඇප කොන්දේසි මත මුදා හරින ලෙස ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ලලිත් කන්නන්ගර මහතා නියෝග කළේය.

රුපියල් 50,000ක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 40 බැගින් වූ ශරීර ඇප දෙක බැගින් තබන ලෙස සැකකරුවනට නියම කළ මහේස්ත්‍රාත් ඔවුන්ගේ විදේශ ගමන් තහනම් කළේය.

හැම මාසයකම අවසන් දිනයේ එෆ්සීඅයිඩියේ පෙනී සිටින ලෙසද නියම කැරිණි. .

විලී ගමගේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආදි විද්‍යාර්ථියෙකි. වාමාංශික දේශපාලනයේ ක්‍රියාකරුවෙකි.

ඇප කොන්දේසි සැපිරීමට නොහැකිවූ හෙයින් විලී ගමගේ හා ආරියරත්න දහනායක මහර බන්ධනාගාරයට රැගෙන යනු ලැබූහ. ඇප කොන්දේසි සපුරන තෙක් ඔවුන් මහර රිමාන්ඩ් සිර භාරයේ රඳවා තබන බවත් අවශ්‍ය විටක මෝසමක් මගින් ඇප ගැනීම සඳහා ඔවුන් අධිකරණයට ඉදිරිපත් කළ හැකි බවත් බන්ධනාගාර ආරංචි කියයි.


බැසිල්ගේ දෙන්නා ගම්පහ උසාවියට ප.ව 15.32

බැසිල් රාජපක්ෂ හිටපු ආර්ථික සංවර්ධන ඇමැති ගේ ඔරුතොට නිවස හා සම්බන්ධ ගනුදෙනුව ගැන බැසිල් රාජපක්ෂගේ හිටපු ලේකම් විලී ගමගේ හා බැසිල් රාජපක්ෂ පදනමේ භාණ්ඩාගාරික ආරියපාල දහනායක අත්අඩංගුවට ගැනීමෙන් පසු මින් මද වේලාවකට පෙර ගම්පහ උසාවියට රැගෙන එනු ලැබූහ.

basil2_2016523

ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි