හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ ගොනු කර තිබූ ප්රතිශෝධන අයදුම්පත විභාගයට ගනිමින් කොළඹ මහාධිකරණ විනිසුරු එම්.සී.ඩී.එස්.මොරායස් මහතා අද (8) ඇප නියම කළේය. ඇප කවරාකාර විය යුතු ද හා ඇප කොන්දේසි සම්බන්ධයෙන් කඩුවෙල අධිකරණය තීන්දු කිරීමට නියමිතය.
පසුගිය ජනපතිවරණ සමයේ රජයේ මුදල් වැය කර රුපියල් තුන් කෝටි හැටතුන් ලක්ෂයක ජීඅයි පයිප්ප ඡන්ද වැඩට යොදා ගැනීම හා ඉන්පසු පළාත් පාලන ආයතනවලට බෙදා දුන්නැයි සැකපිට බැසිල් රාජපක්ෂ සහ දිවි නැගුම හිටපු අධ්යක්ෂ ජනරාල් කිත්සිරි රණවක රිමාන්ඩ් කැර සිටියේය.
මෙවැනිම නඩු කිහිපයකට මහාධිකරණය බැසිල් රාජපක්ෂට ඇප ලබාදී තිබීම සහ විමර්ශනය කළයුතු වැදගත් අදියරයන් මේ වනවිට අවසන්වී තිබීම යන හේතු මත එම නියෝගය ලබාදුන් බව විනිසුරු පැවසීය.
මේ අතර බැසිල් රාජපක්ෂ හිටපු ඇමැති ඇප ලබාගැනීම සඳහා ගිලන් රියකින් කඩුවෙල මහේස්ත්රාත් අධිකරණයට පැමිණ සිටී.