
බිනර පුර පසළොස්වක පොහොය දිනය අදට (26) යෙදී තිබේ. ඒ නිමිත්තෙන් රට පුරා වෙහෙර විහාරස්ථානවල විවිධ පිංකම් සංවිධානය කර ඇත.
ශාසන ඉතිහාසයට අනුව භික්ෂුණී ශාසනය ආරම්භ කිරීම ඇතුළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් බිනර පොහෝ සිදුව තිබේ.
මහා ප්‍රජාපති ගෝතමී දේවිය ඇතුළු කාන්තාවන් 500 දෙනකු සසුනට එක්වීම, බිනර පොහෝ දිනයේ සිදු වූ බව ශාසන ඉතිහාසයේ දැක්වෙයි.
තපස්සු, භල්ලුක වෙළෙඳ දෙබෑයන්, බුදුන් වහන්සේගේ කේශ ධාතු තැන්පත් කරන ලද ගිරිහඬු සෑය ඉදිකිරීම, උන්වහන්සේගේ ලාලාට ධාතු තැන්පත් සේරුවාවිල මහා සෑය ඉදිකිරීම, බිනර පොහොය දින සිදුකළ බව ද ශාසන ඉතිහාසයේ සඳහන් වේ.

