බුත්තල පොළොව සෙළ වේ


(ලුණුගල ප්‍රසන්න පත්මසිරි සහ අයි.ආර්.ඉන්දික)

බුත්තල ප්‍රදේශය අවට ගම්මාන රැසකට අද 22දින පෙ.ව 11.47ට භුකම්පනයක් දැනුන බව ප්‍රදේශවාසීන් කියයි.

විනාඩියක පමණ කාලයක් පොළව සෙළවීමත් සමග මොණරුන් ඇතුලු පක්ෂීන් ශබිද නගා කෑ ගැසු බවත් අවට ගම්වාසීන් කියයි.

හඳපානගල, බුත්තල,වැල්ලවාය ඇතුළු ප්‍රදේශ රැසකට පොළෙව සෙළෙවීම දැනුනු බව ද දැනගන්නට ඇත

මෙම සිද්ධියත් සමග පාසල් දරුවන් ක්‍රීඩා පිටිවලට යැවූ බව විදුහල් ආරංචි මාර්ග කියයි. තට්ටු ගොඩනැගිලිවල සිටි පිරිසට මෙම සෙළවීම තදින් දැනී ඇත. 

(ඡායාරූප: අයි.‍ආර් ඉන්දික)