බුද්ධශාසන අමාත්‍යංශයේ වාහන දෙකක් අවුරුදු දෙකක් පැදලා නෑ


(සුජිත් හේවාජුලිගේ)

බුද්ධ ශාසන අමාත්‍යාංශයට අයිති වාහන දෙකක් වර්ෂ දෙකකට වැඩි කාලයක සිට  ධාවනය නොකර  ගාල්කර පැවතුන බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

මේ අතර අමාත්‍යාංශය පාවිච්චි කළ වාහන තුනක අයිතිය පවරා ගැනීමට කටයුතු කර නොතිබූ බවද එහි දැක්වේ.

තවද අමාත්‍යාංශයේ බුද්ධ ශාසන අංශයට අයත් වාහන සංචිතයේ සියලුම වාහන වාහනවල රාජ්‍ය ලාංඡනය යොදා නොතිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.

අමාත්‍යාංශයේ ප්‍රධාන කාර්යභාරයක් වන ආගමික කටයුතු නංවාලීම සඳහා වෙන්කරන ලද රුපියල් කෝටි දෙකකට වැඩි මුදලින් අපේක්ෂිත අරමුණු වෙනුවෙන් වැය කර තිබුණේ රුපියල් ලක්ෂ  හැටකට වැඩි මුදලක් පමණක් බව එහි දැක්වේ. එය ප්‍රතිශතයක් ලෙස සියයට 31කි.

මේ තොරතුරු සඳහන්ව ඇත්තේ බුද්ධ ශාසන ආගමික සහ  සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ 2023  වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේ ය.