මේ වසරේ "දෙරණ අවුරුදු" කුමරිය ලෙස අභිෂේක ලැබූ බුද්ධි ජයවර්ධන වඩාත් ජනප්‍රිය වී ඇත්තේ නිරූපිකාවක සහ වෙළෙඳ දැන්වීම් රංගන ශිල්පිනියක ලෙසය. මේ අතර මේ වනවිට ඇය රංගන ක්ෂේත්රයටද පිවිස සිටියි. ඒ ආසිරි රණසිංහගේ "මන්දාරම් අහස්" ටෙලි නාට්‍යය තුළිනි. සිය පළමු ටෙලි නාට්‍ය පිළිබඳව හා ඉදිරි කලා කටයුතු ගැන "සාරවිට" අපිට බුද්ධි පැවසුවේ මෙවැනි අදහසක්.
"දෙරණ අවුරුදු" කුමරිය වීමත් එක්ක තමයි "මන්දාරම් අහස" ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්න කියලා මට ආරාධනා ලැබුණේ. හැබැයි "දෙරණ අවුරුදු" කුමරිය වෙන්න පෙර සිටම මට රංගනයට යොමු වෙන්න කියලා ආරාධනා ලැබුණා. නමුත්, මට හොඳයි කියලා හිතුණ චරිතයක් ඒ අතර තිබුණේ නැහැ. ඒත්, "මන්දාරම් අහස්" ටෙලි පිටපත කියවන විට ඒ චරිතයට ගොඩක් ආස හිතුණා. මෙහි මා රඟපාන්නේ "මන්දාරා" කියන චරිතය. මාත් එක්ක දසුන් අයියා, ශෂි ඇන්ජලිනා හා ධනංජි තාරුකා අක්කලා රඟාපානවා. ඔවුන්ගෙන් මේ සඳහා ලැබෙන සහාය උපරිමයි. ඒ වගේම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂක ආසිරි රණසිංහවත් මේ වෙලාවේදී විශේෂයෙන්ම මතක් කරන්න අවශ්‍යයි."