බුරුත කඳන් සමඟ දෙදෙනෙක් සැකපිට


මඩු රක්ෂිතයේ දැව ජාවාරමේ යෙදුණු දෙදෙනෙකු රුපියල් ලක්ෂ තුනහමාරක්  පමණ වටිනා බුරුත දැව කදන් 40 ක් සමග මඩු පාර රක්ෂිතයේ සිට වවුනියාවට  ප්‍රවාහනය කරමින් සිටියදි  මඩුපාර අඩවි වන නිලධාරීන් ඇතුලු කන්ඩායමක් විසින් අද (21)  අත් අඩංගුවට ගෙන ඇත.

මෙම වැටලීම් සදහා මන්නාරම දිසා වන නිලධාරී ඊ.එම්.ඒකනායක මහතාගේ උපදෙස් මත මඩුපාර අඩවි වන නිලධාරි එල්.ඒ.ඡි.යාපා,බට්ටු වන නිලධාරී.එච්.කේ.ඩි.ඡයන්ත, එස්.එම්.එස්.ඩි.කරුණාරත්න, එම්.ඩි.ඒ.එල්.විඡේරත්න, එන්.රොෂාන්, ඒ.එම්.ඡයන්ත, ඉන්දික ප්‍රසාද් යන නිලධාරිහු සහභාගි වූහ.

3e11ef3e-3ed5-4f28-9024-1a324dc2a130 62dace50-8534-4a5b-a9f5-005d7ee4a8b4 68d4880a-6e9d-4b77-87cf-a8dc3a80847f