ජනප්‍රිය බොලිවුඩ් චිත්‍රපට කිහිපයක ඔබ දැකි ඇති ඔර්ලොන්ඩෝ බොලම් හා මේ වනවිට ලෝකයේ වැඩිම රසික ප්‍රතිචාරයක් හිමි පොප් ගායිකා කැති පෙරි අතර ඇති රහස් ප්‍රේම සම්බන්ධය මේ වනවිට ලොවටම ප්‍රසිද්ධ රහසක්. පසුගියදා මොවුන් දෙදෙනා නිවාඩුවක් ගත කිරීම සඳහා ඉතාලියට ගොස් සිටි අතර, එහිදී ඔවුන් මුහුදු වෙරළේ නාමින් විනෝද වන අයුරු ඡායාරූප කිහිපයක් මේ වනවිට අන්තර්ජාලයට මුදා හැර තිබෙනවා. මෙහි එක්තරා
ඡායාරූපයක බොලම් නිරුවතින් ඔරුවක් පදවමින් සිටීමද විශේෂත්වයක්. මේ නිසාම මේ වනවිට බොහෝ සිනමා රසික පිරිසකගේ කතා බහට මෙම ඡායාරූපය පත්ව ඇති අතර, විවිධ අන්තර්ජාල සමාජ ගිණුම් තුළ මෙම ඡායාරූපයට විවිධ අදහස් දක්වමින් පළ කර තිබෙන බවද සඳහන්. මේ පිළිබඳව කැති පෙරි විසින් සිය "ටිව්ටර්" ගිණුමේ අදහසක් දක්වා තිබුණද මොහොතක් ගෙවෙන්නට මත්තෙන් ඇයගේ "ටිව්ටර්" ගිණුම "හැක්" කර ඇති බවටද තොරතුරු වාර්තා පළ වෙනවා.