ජනප්‍රිය හොලිවුඩ් සිනමා නළු ජැකී චෑන් මේ දිනවල ඔහු රංගනයෙන් දායක වන අලුත්ම චිත්‍රපටයේ රූපගත කිරීම් කටයුතු සඳහා එක්ව තිබෙන බව වාර්තා වෙනවා. 'කුංග් ෆු යෝග' නම් වූ මෙම චිත්‍රපටය ස්ටැන්ලි ටොන්ග්ගේ සිනමා අධ්‍යක්ෂණයක් වේ. මෙම චිත්‍රපටයේ විශේෂත්වය වන්නේ ජැකී චෑන් මෙහි ප්‍රධාන චරිතයට පණ පෙවුවද සෙසු ප්‍රධාන හා උප ප්‍රධාන චරිත සඳහා බොලිවුඩ් සිනමා නළු නිළියන් එක්ව තිබීමයි. 2
2014 වසරේ තිරගත වූ ෆාරා ඛාන්ගේ "හැෆි නිව් ඉයර්" චිත්‍රපටයේ රඟපෑ සෝනූ සෝඩි මෙන්ම, නවක සිනමා නිළි අමීරා ඩස්ටර්ද එක්ව සිටිනවා.
ඔවුන් දෙදෙනාට අමතරව දිස්නා පටානි, ආරිෆ් රහමන් සහ චීනයේ ජනප්‍රිය ගායකයෙකු වන ෂැන්ග් ඊෂින්ග්ද 'කුංග් ෆු යෝග' චිත්‍රපටයේ රංගනයෙන් දායක වෙනවා. ක්‍රියාදාම චිත්‍රපටයක් ලෙස නිර්මාණය කෙරෙන මෙම චිත්‍රපටයේ රූපගත කිරීම් චීනයේ මෙන්ම ඉන්දියාවේදී මේ දිනවල සිදු කෙරෙමින් පවතින බවයි වාර්තා වෙන්නේ. එමෙන්ම මෙම චිත්‍රපටය චීන, ඉංග්‍රීසි, දමිළ හා හින්දි භාෂාවලින්ද හඬකැවීමට සූදානම් කර තිබෙනවා. ඇමෙරිකානු ඩොලර් මිලියන 65ක වියදමකින් තැනෙන මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර ඇත්තේ මේ වසරේ අගභාගයේදීය.
මෙම චිත්‍රපටය ජැකී චෑන් ඉන්දීය නළුනිළියන් සමග රංගනයේ යෙදෙන පළමු චිත්‍රපටය බවද මාධ්‍ය වාර්තා කරනවා. මීට පෙර අවස්ථා කිහිපයකදීම ජැකී චෑන්, ආක්ෂේ කුමාර් සමගින් චිත්‍රපටයක රඟපෑමට සූදානම් වූවද ආක්ෂේ මෙන්ම ජැකීද ඒ වනවිට කාර්යබහුල වී සිටි හෙයින් එම චිත්‍රපටය නිර්මාණය කරන්න තිබු අදහස චිත්‍රපට නිෂ්පාදකවරුන් අත්හැර දමන්නට සිදුවුණා.