බෝක්කුවේ සිරවූ අලියා මරු දකී


(නිමල් ජයරත්න)

පොලොන්නරුව අරලගංවිල 503 කුඩාඔය අමුණේ සිට 503 කුඹුරු යායට ජලය රැගෙන යන බෝක්කුවක් තුළ සත් මාසයක් පමණ වයසැති අලි පැටවකු සිරවීමෙන් මියගොස් ඇති බව වෙහෙරගල වනජීවී කාර්යාලය කියයි.

එම අලි පැටවා ඇතුළු අලි රෑනක් කුඹුරුයායේ  සැරිසරමින් සිටියදී ඇළට වැටී ඇත. ඇතින්න අලි පැටියා බේරා ගොඩට ගැනීමට උත්සාහ කර ඇතත් ජලයේ සැඩපහරට ගසාගෙන ගොස් බෝක්කුවක සිර වී ඇත. ඒ සම්බන්ධයෙන් ගොවි මහතකු ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ විජයබාපුර මහවැලි කොට්ඨාස කාර්යාලයේ නිලධාරීන් දැනුවත් කර ඇත.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ විජයබාහුපුර මහවැලි කොට්ඨාස කාර්යාලයේ නිළධාරීන් කිහිපදෙනකු, වනජීවීන් නිලධාරින්ද දැනුවත් කර එම අවස්ථාවට ගොස් අලිපැටියා එළියට ගැනීමට පැය කිහිපයක් උත්සාහ දැරුවද එයා අසාර්ථක වීමත් සමග පැය කිහිපයකට පමණ පසු අලිපැටියා මියගිය බව මහවැලි අධිකාරියේ නිලධාරියේ සඳහන් කළේය.