බෝලවලානේ විදුලි ලාම්පු දවල්ටත් දැල්වෙයි


මීගමුව  බෝලවලාන යහපත් එඬේරා කන්‍යාරාමය ඉදිරිපිට මාර්ගයේ පිහිටා ඇති ප්‍රධාන විදුලි ලාම්පු දිවා රෑ අඛණ්ඩව දල්වා ඇත.

ජාතික විදුලි බල පද්ධතියට පුද්ගලික අංශයෙන් විදුලිය ලබාගැනීමට පවා සිදුවී අර්බුද ඇතිවී  ඇති මෙවැනි කාලයක  අදාල බලධාරින් විදුලි බලය නොසැකිලිමත් ලෙස අපතේ යාමට ඉඩ හැරීම  පිළිබද බෝලවලාන ප්‍රදේශවාසිහු දැඩි කනස්සල්ල පළකරති.

bolawalana20160405_110439 bolawalana20160405_110439-2