භික්ෂු අණට හිස නමනු:තිස්සේ සත්‍යග්‍රහයක්


(අමිල සම්පත් ශ්‍රී)

‘‘මහ නාහිමිවරුන්ගේ අදහසට හිස නමනු‘‘ යන මැයෙන් භික්ෂූන් වහන්සේ තිස්සමහාරාම වටරවුම අසල අද පෙරවරු කාලයේ සත්‍යග්‍රහයක නිරත වූහ.

සත්‍යග්‍රාහයට එක් වූ මහා සංඝරත්නය දෙසීයකට වැඩි පිරිසක් තිස්සමහාරාම පොලිසිය අසලසිට පා ගමනින් තිස්සමහාරාම නගරයට වැඩම සත්‍යග්‍රාහයට සහභාගී වූහ.

සියලු ජාතීන්ට එක මව්බිමක සාමකාමීව ජීවත්වීමට අවශ්‍ය පරිසරය ගොඩනගා ගැනීම සඳහා බල කරමින් සත්‍යග්‍රහයක් පැවැත්විණි.