භූ විද්‍යාඥයෝ පුවක්ගහවෙල


බලංගොඩ, පඹහින්න, පුවක්ගහවෙල ප්‍රදේශයේ කන්දක ආරම්භ වී ඇති නාය යෑමේ තත්ත්වය පිළිබඳ සොයාබැලීම සදහා ජාතික ගොඩනැගිලි පර්යේෂණායතනයේ පරීක්ෂණ කණ්ඩායමක් මේ වන විට එම ස්ථානය කරා ළඟාවෙමින් සිටින බව එම සංවිධානයේ නායයෑම් පර්යේෂණ හා අවධානම් කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ආචාර්ය ආර්.එම්.එස් බණ්ඩාර මහතා පැවසීය.

මේ වන විට එම කන්දේ සිට බොරවතුර පහළ පිහිටි ඇළ මාර්ගයක් කරා ගලා ඒම ආරම්භ වී ඇතැයි කී අධ්‍යක්ෂවරයා ඒ අවට ප්‍රදේශයෙන් ඉවත් වන්නැයි  එහි පදිංචිකරුවන්ට දැනුම්දීමක් කරන බව ද සඳහන් කළේය.
මෙම නායයෑම හේතුවෙන් බලංගොඩ බදුල්ල මාර්ගයේ බෙරගල, පුවක්ගහවෙල ප්‍රදේශයේ මාර්ගයට පස් කඳු  කඩාවැටීම සිදුවිය හැකි බැවින් එම මාර්ගයේ ගමන් කිරීමේදී විමසිලිමත් වන්නැයි ජනතාවට දැනුම්දීමක් කරන බව ද අධ්‍යක්ෂවරයා සදහන් කළේය.

මෙය මීට වසර හතකට පමණ පෙර එම ප්‍රදේශය ආශ්‍රිතව සිදුවූ පුවක්ගහවෙල නාය යෑම නැවත සක්‍රීයවීමක් වීමක් නොවන බව කී අධ්‍යක්ෂවරයා ඊට ඉහළින් ඇති මුත්තෙට්ටුවේගම ප්‍රදේශයේ අලූතින් සක්‍රීය වූ නායයෑම් තත්ත්වයක් බව ද පැවසීය.