මගේ නම තරුණි, ආදරේට කියන්නේ තරු කියල


2016-08-02-ent-95

අද නිරූපණ ක්ෂේත්‍රයට තුළ බොහෝ නවකයන් දැකිය හැකිය. එවන් අය අතරින් තමන්ගේ ඉලක්කය වෙත ළඟාවීමට උත්සාහ කරන කෙනෙකු ලෙස රමීශා තරුණි ලක්ෂානි දිසානායක හැඳින්විය හැකිය. පෞද්ගලික ආයතනයක සේවය කරමින් තමන්ගේ විනෝදාංශය ලෙස නිරූපණයට එක්ව ඇති ඇය "සාරවිට" ආලින්දයට එක්වූ අවස්ථාවයි මේ.

 

ඔබ ගැන හැඳින්වීමක් කළොත්?

2016-08-02-ent-96මගේ නම තරුණි, ආදරේට කියන්නේ තරු කියලයි. මම අධ්‍යාපනය ලැබුවේ මීගමුවේ නිව්ස්ටඩ් විද්‍යාලයේයි. දැන් නිරූපණය කරනවා.

 

කොයි කාලේද නිරූපණයට ආවේ?

නිරූපණයට එකතුවෙලා නම් ලොකු කාලයක් නැහැ. මෑතකදී තමයි නිරූපණ ක්ෂේත්‍රයට එකතු වුණේ.

 

පොඩි කාලේ ඉඳන් තිබුණු ආසාවක් නිරූපණය කියන දේ?

ඔව්, පොඩි කාලේ ඉඳන් තිබුණු ආසාවක් තමයි නිරූපණය කියන දේ.

 

දැන් ඒ ආසා කරපු දේ කරන්න පුළුවන් වෙලාද තියෙන්නේ?

ඇත්තටම පුළුවන් වෙලා තියෙනවා.

 

නිරූපණය හොඳයි කියලා හිතෙනවද?

නිරූපණය කියන ක්ෂේත්‍රය හොඳයි. තමන් තේරුම් අරන් මේ ක්ෂේත්‍රය තුළ වැඩ කරනවානම් හොඳයි.

 

මේ වනවිට මොනවා සඳහාද දායක වෙලා තියෙන්නේ?

වැඩ කිහිපයක් සඳහා දායක වෙලා තියෙනවා. නමුත් ඒවා තාම ඇවිත් නැහැ. දැනට කරලා තියෙන්නේ ෆෝටෝ ෂූට් සහ වීඩියෝ තමයි.

 

ඉදිරියේදී වෘත්තීයත් නිරූපණයද?

නිරූපණය කියන දේ වෘත්තීයට විදිහට කරන්න බලාපොරොත්තුවක් නැහැ. නමුත් නිරූපණය තුළ ඉදිරියටත් ඉන්නවා.

 

දැන් වෙනත් රැකියාවක යෙදිලාද ඉන්නේ?

ඔව්, දැනට මම පෞද්ගලික ආයතනයක් රැකියාව කරනවා.

 

රංගනය සහ නිවේදනයට එන්න කැමැත්තක් තියෙනවාද?

ඔව්, කැමැත්තක් තියෙනවා. අවස්ථාවක් ලැබුණොත් ඒ සඳහා දායක වෙනවා.

 

නිරූපණයට එන්න කවුරු හරි උදව් කරපු අය ඉන්නවාද?

ඔව් ඉන්නවා. මම රැකියාව කරන ආයතනයේ අය, මගේ යාළුවෝ, අම්මා, තාත්තා. ඒ අය නිසා තමයි මම අද මේ ක්ෂේත්‍රයට ඇවිත් තියෙන්නේ. නිරූපණයේ යම්කිසි තැනක ඉන්නවා නම් ඒ ඔවුන්ගේ ආදරණීය ආශීර්වාදය නිසා කියලා මම විශ්වාස කරනවා.

 

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - පුබුදු චින්තක

 

2016-08-02-ent-98
2016-08-02-ent-97
2016-08-02-ent-94
2016-08-02-ent-93
2016-08-02-ent-92
2016-08-02-ent-91
2016-08-02-ent-90