ස්වාධීන රූපවාහිනි සේවයේ විකාශය වෙන "කළු කුරුල්ලා" හා ජාතික රූපවාහිනි නාළිකාවේ විකාශය වෙන "සීතල ගිනි දැල්" ටෙලිනාට්‍යය තුළින් ඔබ හමුවන නිලුක්ෂි මධුෂිකා කවිරත්න නව පරපුර අතර වඩාත් ජනප්‍රිය යොවුන් රංගන ශිල්පිනියකි. ඉදිරියේදී සිය පෞද්ගලික ජීවිතේ වෙනසක් සිදුවීමට නියමිත හෙයින් රංගන කටයුතුවලින් තාවකාලිව ඈත්වීමට බලාපොරොත්තුවෙන් සිටින ඇය සිය අලුත්ම තොරතුරු "සාරවිට" අපට මෙසේ පැවසුවාය.
"ඔව්. මගේ විවාහය ලබන වසර මුලදී සිදුවෙන්න නියමිතයි. ඒ හින්දා මේ දවස්වල ඒ වැඩවලට සූදානම් වෙනවා. මගේ විවාහය නිසා රංගන කටයුතු පවා මම සීමා කරලා තියෙන්නේ. මේ දිනවල විකාශය වෙන "කළු කුරුල්ලා" හා "සීතල ගිනිදැල්" කියන නාට්‍යවල රූපගත කිරීම්වලට පමණයි මම සම්බන්ධ වුණේ. විවාහයේ වැඩ කටයුතු නිසා ඉදිරි මාස ඒ සඳහා යොමු කරන්න හිතාගෙන තමයි තාවකාලිකව රංගනය පැත්තට සමුදෙන්න හිතුවේ."