මඩකලපුව කල්මුණ පාරේ ගරාජයක කාරයක් අලුත්වැඩියා කරමින් සිටියදී ගිනි ඇවිලී මුළු ගරාජයම වැනසී ගිය බව පොලිසියට පැමිණිලි කර ඇත.
වාහන ඇතුළු ගරාජයේ බඩු මුට්ටුවලට සිදුවූ හානිය රුපියල් ලක්ෂ 35 ඉක්මවන බව පැමිණිල්ලේ දැක්වේ.
වෑන් රියක්, යතුරු පැදියක් හා වාහන අලුත්වැඩියා කිරීමේ යන්ත්ර දෙකක් මුළුමනින්ම වාගේ විනාශවී ඇතැයි කියති.