මත් උවදුරට වැට බඳින්න ආගමික නායකයෝ එක්වෙති


මත්ද්‍රව්‍ය විරෝධී පාගමනක් ආගමික නායකයන්ගේ ප්‍රධානත්වයෙන් රාගම බැසිලිකා ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.

මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු රාගම සිරි සුගතාරාමාධිපති කොහුවල විමලධම්ම හිමි ඇතුළු ආගමික නායකයෝ ඊට සහභාගි වූහ.

දරුපරපුරේ ජීවිත නොවනසා අනාගතයක් උදාකර දීමට මත්ද්‍රව්‍ය තොරතුරු පොලිස්පතිට දැන්වීම හැම පුරවැසියකුගේම යුතුකම බව කාදිනල්තුමෝ කීහ.

ලංකාවේ අස්සක් මුල්ලක් නෑර පැතිරී යන මේ උවදුරින් දරුවන් බේරාගැනීමට ඉදිරිපත් වන්නැයි එතුමෝ ඉල්ලති. 

IMG_021 IMG_022 IMG_027 IMG_028