මේ දවස්වල මැති ඇමැති කස්ටියගෙයි එයාලගෙ පවුල්වල අයගෙයි මත්පැන් බලපත්තර ගැන කතාව නැගලම යනවා, කවුන්සිලේ ඉන්න හැමෝටම මේ චෝදනාව නැතත් ටික දෙනෙක් මේක කරනවා... උන්නැහේලගෙ නම් ගම් අවුරැද්දෙන් පස්සේ එළියට දාන්නලු යන්නෙ... ඉතින් මේ අල්ලපනල්ලෙ ඌව පළාතෙ පළාත් සභාවක රටේ මත් උවදුර ගැන පසුගියදාක ලොකු කතාවක් ගියා.. එක පළාත් මන්තිරිතුමෙක් මේ ගැන තදින්ම කතා කළා. උන්නැහේ රටේ ප්රසිද්ධ කැබිනට් මහත්තයකුගෙ පුතෙක් කියමුකො...
ඉතින් මේ ඇමැති පුතා පළාත් සභාවෙ මත්විරෝධී සටන දියත් කරගෙන යනකොට රත්තන්ගේ පක්ෂයෙ නායකයා මටත් පොඩි ඌණපූරණයකට පොඩි අවස්ථාවක් දෙන්න කියලා නැගිට්ට....
ඊට පස්සේ උන්නැහේ මෙහෙම කියන්න ගත්තා... "මත් විරෝධී සටනට ඔබතුමා වගේම අපිත් පුල් සපෝට්.... ඒ සටන පටන් ගන්න ඕන මේ නගරෙන්මයි. මේ ටවුමෙ අහවල් වීදියෙ අහවල් තැන තියන බාර් එක මුලින්ම වහල සටන පටන් ගනිමු. එතකොට ඒක හැබෑ ආදර්ශයක් වේවි.
රත්තන්ගෙ ලොක්ක කියාගෙන ගියා මේ කතාව කිව්ව විතරයි අර මත් විරෝධී සටන පටන් ගන්න කතා කරපු මන්තිරිතුමා එක පාරටම වාඩි වෙනව පෙනුණා. ඊට පස්සෙ ඔලුවට උඩින් කැරකෙන පෑන් එක දිහා බලන් හිටිය මිසක් මත් පැන් උවදුර ගැන මුකුත් කතා කළේ නැහැ. ඉතින් සභාවේ කටයුතු විවේකෙට නැවැත්තුවම ඇත්තටම කාගෙද මේ බාර් එක කියලා එතන හිටපු පළාත් මන්ත්රීල රතු ලොක්කගෙන් ඇහුව.... "කාගෙවත් නෙවෙයි උන්නැහේගෙ මව්තුමියට තමයි ඒක අයිති" රත්ත කතාව ඉවර කළා.