මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධනට සතියක් පාර්ලිමේන්තුව තහනම්


(ආරියරත්න රණබාහු)

පාර්ලිමේන්තු සභා ගැබේ අණ නොතකා ක්‍රියා කළ ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතාට සතියක කාලයක් පාර්ලිමේන්තුව තහනම් කිරීමේ යෝජනාව වැඩි ඡන්ද 63කින් සම්මත විය. ඒ අනුව සභා නායක ලක්ෂමන් කිරිඇල්ල මහතාගේ යෝජනාවක් අනුව සතියක කාලයක් දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තුව තහනම් කෙරිණි.

යෝජනාවට පක්ෂව ඡන්ද 85ක් ද විපක්ෂව ඡන්ද 22ක් ද හිමිවූ අතර මන්ත්‍රීවරු 114 දෙනකු ඡන්දය අවස්ථාවේ සභා ගැබේ නොසිටියහ. ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු තිදෙනා ඡන්දය දීමෙන් වැළකී සිටියහ. ඡන්ද විමසීමෙන් අනතුරුව කථානායකට ආචාර කර දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා සභාවෙන් පිටව ගිය අතර ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු ද ඉන් අනතුරුව සභා ගැබෙන් ඉවත්ව ගියහ.

(ඡායාරූපය හර්ෂ ද සිල්වාගේ ටිවිටර් ගිනුමෙනි)