මම අනුන්ගේ රූකඩයක් නෙමෙයි


2016-07-14-ent-44

නව මාධ්‍ය ඔස්සේ තමන්ට සමාජ වෙබ් අඩවි තුළින් තමන්ගෙ ස්වකීය අදහස් ඉදිරිපත් කිරීමට ලබාදෙන අවස්ථාව පිළිබඳ තමන් ට්විටර, ඉන්ස්ටග්‍රෑම් වැනි වෙබ් අඩවිවලට ස්තුතිවන්ත වන පසුගිය සතියේ ජනප්‍රිය හොලිවුඩ් නිළි ජෙසිකා ඇල්බා පවසන්නීය.

ඇය පවසන අන්දමට ඇගේ හඬට අවනත වන එකම මාධ්‍ය තමන්ගෙ නව මාධ්‍ය ගිණුම් බව පවසන ඇය, තමන්ගේ කැමැත්තට අනුව තමන්ගේ ජීවිතයට අනුකූලව, තමන්ට කැමැති ආකාරයෙන් ඡායාරූප, ප්‍රකාශ නිකුත් කිරීමට ඉඩ ප්‍රස්ථාව ලබාදෙන එකම අවකාශයත් සයිබරය බවත් කාන්තා සඟරාවක් සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකදි පවසා සිටියාය.

විශේෂයෙන්ම තමන්ගේ ජීවිත අනුන් පාලනය කරන්නේ කෙසේදැයි ප්‍රශ්න කරන ඇල්බා, තමන්ගේ ජීවිතයට රාමුවක් සැකසීමෙන් සිදුවන්නේ තමන් අනුන්ට අනුව කටයුතු කරන රූකඩයක් බවට පත්වීම පමණක් බැව් දැඩිව ප්‍රකාශ කර සිටියාය.

 

2016-07-14-ent-45