මම ක්ෂේත්‍රයට ආවේ රංගන ශිල්පිනියක් විදිහට


2016-08-03-ent-12දැනට ටෙලිනාට්‍ය හා සිනමා නිර්මාණ කිහිපයකම ඔබ දැක ඇති ඉනෝෂි පෙරේරා සමගින් මෙවර 'සාරවිට' තරු කතා බහා අරඹන්න අපි බලාපොරොත්තු වුණෙමු. මේ වනවිට වෘත්තීය මට්ටමේ මෝස්තර නිරූපිකාවක ලෙස කටයුතු කරන ඉනෝෂි ඉදිරියේදී රංගනයටද වැඩි කාලයක් වෙන් කරන්නටද බලාපොරොත්තුවෙන් සිටියි. ඒ පිළිබඳව ඇය අපට මෙසේ පවසා සිටියා.

 

2016-08-03-ent-08ඔබ රංගන ශිල්පිනියක්?

මම මුලින්ම මේ ක්ෂේත්‍රයට ආවේ රඟපාන්න. මුලින්ම රඟපෑවේ 2013 අවුරුද්දේ. ඒ ත්‍රිශූලදීප තඹවිටගේ 'අපිත් සූරයෝ' කියන චිත්‍රපටයේ. ඊට පස්සේ මම 'සඳවතිය' ටෙලි නාට්‍යයෙත්, 'තානාපති ගෙදර' චිත්‍රපටයටත් එකතු වුණා. 'තානාපති ගෙදර' චිත්‍රපටයට මම රංගනයෙන් වගේම නර්තනයෙනුත් දායක වුණා. ඊට අමතරව උදය ශ්‍රී වික්‍රමසිංහගේ 'පෙම් යුවළක් ඕනෑ කර තිබේ' කියන වේදිකා නාට්‍යයටත් සම්බන්ධ වුණා. මේ වන විටත් මා එම නාට්‍යයට සම්බන්ධ වී  සිටිනවා.

 

එතකොට නිරූපණ ක්ෂේත්‍රයට ආවේ?

රඟපෑම් කටයුතුවලට සම්බන්ධ වෙලා ඉන්න කොට නිරූපණ ක්ෂේත්‍රයේ කිහිපදෙනෙකු අඳුන ගන්න ලැබුණා. ඔවුන්ගේ ආරාධනා මත තමයි නිරූපණයට යොමු වුණේ. දැනට රංගන ශිල්පිනියක්, නිරූපිකාවක් වගේම වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් විදිහටත් වැඩ කරලා තියෙනවා.

 

පුංචි කාලේ තිබුණු හීනය?

නර්තනයට ලොකු කැමැත්තක් තිබුණා. පුංචි කාලේ හිතුවා නර්තන ගුරුවරියක් වෙන්නත්. ඒ වගේම රඟපාන්නත් ලොකු කැමැත්තක් තිබුණා. පාසලේ මේ අංශවලින් ජයග්‍රහණ පවා මම අත්කරගෙන තියෙනවා. පුංචි කාලේ කලාවට සම්බන්ධ වෙලා වැඩ කරන්න තිබුණ හීනේ දැන් නම් සැබෑ වෙලා තියෙනවා.

 

ඔබගේ ඉදිරි ඉලක්ක?

නිරූපිකාවක් විදිහට නම් මේ ක්ෂේත්‍රයේ දිගු ගමනක් යන්න. ඒ වගේම නමක් හදාගන්නත් කැමැත්තක් තියෙනවා. රංගනය පැත්තෙන් නම් හොඳ නිර්මාණවලට දායක වෙලා ජනප්‍රිය වගේම දක්ෂ රංගන ශිල්පිනියක් වෙන්න තමයි අදහස. දැනට ටෙලි නාට්‍ය, සිනමා නිර්මාණ, වෙළෙඳ දැන්විම්, ගීත රූප රචනා වගේ දේවල් වලට දායක වෙලා තියෙනවා. ඉදිරියේදීත් ඒවාට දායක වෙන්න උනන්දු වෙනවා.

 

නිරූපණ ක්ෂේත්‍රය ගැන මොකද හිතෙන්නේ?

ඇත්තටම දැන් ගොඩක් අය නිරූපිකාවක් කිව්වහම හිතන්නේ වෙනත් දෙයක්.  මේ වන විට සාමාජයෙ මතයක් ගොඩනැගී තියෙනවා නිරූපණ ශිල්පිනියක් වීම කෙනෙකුගේ චරිතයට හානියක් කියලා. ඒත්, මම මේ ක්ෂේත්‍රයේ වැඩ කරන කෙනෙක් නිසා මම දන්නවා මේක මොනවගේ තැනක්ද කියලා. ඒ වගේම එක අතකින් මේ ක්ෂේත්‍රයේ වැඩ කරන අයම නිසා තමයි මේ නරක නාමය ඇති වෙලත් තියෙන්නේ කියලා මම හිතනවා. එත්, ඉතින් තමන් කරන වැඩේ මොකක් වුණත් තමන්ගේ තැන තියාගෙන තමන්ගේ රැකියාව හරියටම කරනවා නම් මම හිතන්නේ කොයි දේ වුණත් හොඳයි කියලා.

 

පුංචි කාලේ තිබුණ නර්තන හීනේ දැන් නැද්ද?

අපෝ තියෙනවා. නිරූපිකාවකට අමතරව මම දැනට අවුරුදු 2කට ආසන්න කාලයක සිට නර්තන කණ්ඩායමක සාමාජිකාවක් විදිහටත් කටයුතු කරනවා.

 

උදවු උපකාර කළ අය ගැනත් කිවුවොත්?

මට මේ ක්ෂේත්‍රවලට එන්න ගොඩක්ම උදවු කළේ මගේ අම්මා හා තාත්තායි. ඒ දෙන්නා හැම වැඩකදීම මගේ හෙවණැල්ල වගේ මගේ ළඟින්ම ඉඳලා උදවු කරනවා. පුංචි කාලේ සිට රංගනය පිළිබඳව උගන්නපු සෙනෙවිරත්න රොඩ්රිගෝ ගුරුතුමන්ව, මගේ නර්තන ගුරිවරිය විදිහට කටයුතු කළ දුෂ්‍යන්ති දේවිකා ගුරුතුමිය, මාව නර්තන ශිල්පිනියක් විදිහට ජනප්‍රිය වුණ 'සා තෝප්‍රි' නර්තන කණ්ඩායමට හා සජි අක්කාට, ඊට අමතරව සඳුන් එරංග අයියා, නිරූපිකාවක් විදිහට වැඩ කරද්දි ගොඩක් උදවු කළ කෙනෙක් තමයි හිරන්ත ශාමෙල් අයියා.

 

බුද්ධික සේනාධීර / ඡායාරූප - පසන් සෙනවිරත්න

2016-08-03-ent-11 2016-08-03-ent-10 2016-08-03-ent-09 2016-08-03-ent-07 2016-08-03-ent-06 2016-08-03-ent-05