සෝමරත්න දිසානායකගේ "සිරිපැරකුම්" චිත්‍රපටය තුළින් රංගනයට පිවිසි සෙනාලි ෆොන්සේකා මේ වනවිට එංගලන්තයේ ලන්ඩන් නගරයේ පදිංචිව සිටියි. ගෙවුණු වසර කිහිපයේදී ශ්‍රී ලංකාවට වරින් වර පැමිණ කලා කටයුතුවලට සම්බන්ධ වූ සෙනාලි, මේ වසර අගදී නැවතත් ශ්‍රී ලංකාවට පැමිණීමට අදහස් කරමින් සිටියි. ඒ පිළිබඳව "සාරවිට" අපිට දැක්වූ අදහසයි මේ.
"මම දැනට ක්‍රේම්බිජ් විශ්වවිද්‍යාලයේ "බයෝමෙඩිකල් සයන්ස්" අංශයෙන් අධ්‍යාපනය හදාරනවා. මේ අවුරුද්ද මම අධ්‍යාපනය ලබන අන්තිම අවුරුද්ද. අන්තිම එක්සැම් එක තියෙන්නේ ජූලි, අගෝස්තු කාලයේදී. මේ දවස්වල ඒ එක්සැම් එකට පාඩම් කරනවා. අන්තිම එක්සැම් එකෙන් පස්සේ මගේ අධ්‍යාපන කටයුතු ඉවර වෙනවා. ඔක්තෝබර් මාසයේදී උපාධිය මට පිරිනැමෙනවා. ඊට පස්සෙ මාසයක් විතර ඉඳලා ලංකාවට එන්න තමයි සැලසුම් කරන් ඉන්නේ. ඊට පස්සෙ ලංකාවට ඇවිල්ලා කලා කටයුතුවලට සම්බන්ධ වෙන්න තමයි මගේ බලාපොරොත්තුව."