මම වයස නිසා වැඩිය නිදිමරන්නේ නැහැ


2016-04-23-ent-94

2016-04-23-ent-95රංගනයට මෙන්ම ගායනට හැකියාව ඇති රොනී ලීච් පිළිබඳ නොදන්නා කෙනෙකුද නැත. හාස්‍ය චිත්‍රපටවල නිතර මුණගැසෙනවා. මේ දිනවල ඔහුගේ වැඩකටයුතු පිළිබඳව කතාබහ කිරීමට අපත් සමග එක්වුණේ මේ අයුරිනුයි.

"මම දායකවූ චිත්‍රපට 4ක් පමණ ළඟදීම තිරගතවීමට නියමිතයි. %නටන්නේ නැතුව දින්නා^ කියන චිත්‍රපට දැනට තිරගතවෙනවා. සංගීත කටයුතු සඳහා වෙවර දායක වුණේ ඉතා අඩුවෙන්. මොකද දැන් අපි වයසට යන හින්දා නිදි මරන එක හුඟාක් දුරට අඩුකරලා තියෙන්නේ."

"නටන්නේ නැතුව දින්නා" කියන චිත්‍රපටය ගැන කිව්වොත්, කොළඹින් පිට තමයි පටන් ගත්තේ. ඒ සඳහා හොඳ ප්‍රතිචාර හිමිවෙනවා. ඉදිරියේදී එන්න තියෙන චිත්‍රපට ගැන කිව්වොත්, රන්ජන් රාමනායකගේ ඩොක්ටර් නවරියන්, බුද්ධි කියන චිත්‍රපටය, ලාල් ප්‍රියදේවගේ "හතුරො මිතුරො හරි අපූරු" කියන චිත්‍රපටය සහ නිශාන්ත ද අල්විස්ගේ රජානෝ කියන චිත්‍රපටයයි. රජානෝ කියන චිත්‍රපටයේ මම රජ්ජුරුවෙකුගේ චරිතයක් සඳහා පණ පොවනවා.

මම මේ අවුරුද්ද ඉවර වෙන්න ඉස්සෙල්ලා ගීතයක් කරන්න තමයි ඉන්නේ. දැනට එකක් කරලා තියෙනවා. රජිව් සෙබෙස්තියන් විසින් තමයි ඒ ගීතය කළේ. "කොහා" කියන ගීතය. තාම ඒ ගීතය එළිදැක්වුණේ නැහැ. ඉදිරියේදී ඒ ගීතයත් අහන්න පුළුවන් වෙයි."

 

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - අන්තර්ජාලයෙනි