මමත් මගේ තාත්තගේ ගීත ගායනා කරලා තියෙනවා


2016-08-13-ent-46

NEXT GEN ප්‍රසංගයේදී අපිට දකින්න පුළුවන් තවත් දක්ෂ තරැණයෙක් තමා නුවන් ගුණවර්ධනගේ පුත් ගයාන් ගුණවර්ධන.

මේ ප්‍රසංගයට සහභාගි වෙන්න ලැබීම ගැන ඇත්තටම සතුටුයි. මොකද අපි කොයි තරම් හොඳ නිර්මාණ කළත් ඒවා මාධ්‍ය හරහා ප්‍රචාරය කර ගැනීම අපහසු වෙලා තියෙනවා. ඒක තමා ඇත්ත තත්ත්වය. ඉතින් ඒ නිසා මේක හොඳ අවස්ථාවක් අපි හැමෝටම. මොකද අපේ මව්පියන් මේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් නිසා ඇතැම් අවස්ථාවලදී අපෙන් බලාපොරොත්තු වෙන්නෙත් ඒ අයගේ ගීත. මමත් මගේ තාත්තගේ ගීත ගායනා කරලා තියෙනවා. නමුත් අපිට ඕනේ අපේම කියලා දෙයක්. අලුත් දෙයක් සමාජයට යහපත් දෙයක් ලබාදෙන්න. ඒ සඳහා තියන පියවරක් විදියට තමා මම නම් මේ ප්‍රසංගය දකින්නේ. ඉතින් අපේ මව්පියන්ට වගේම අපිට ආදරය කරන හැමෝටම මම ආරධනා කරනවා එන්න මේ NEXT GEN සංගීත ප්‍රසංගය බලන්න කියලා.

 

නීෂා රන්සිත් සේයාරෑ / සුමුදු