මරා ගල්වලේ දැමූ දැරියගේ සිරුර හමු වෙයි


(රෝහණ සමරවීර,ලසන්ත නිරෝෂන සහ උපේන්ද්‍ර ජයතුංග)

අමානුෂික ලෙස පහර දී මරා පොහොර උරයක බහා දෙල්වල උඩදෙල්වල ගඟපහළ ප්‍රදේශයේ පිහිටි පරණ පතල් වලකට දමා තිබූ හත් අවුරුදු දැරියකගේ මල සිරුර රත්නපුර මහේස්ත්‍රාත් කාංචනා කොඩිතුවක්කු මහත්මිය ඉදිරියේ අද ගොඩගත්තේය.

මළ සිරුර ගොඩ ගැනීමේ අවස්ථාවට රත්නපුර මහ රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍ය මුදිත කුඩාගම, ඇතුළු පොලිසියේ නිලධාරීන් රැසක් එක්ව සිටියහ.

එම ප්‍රදේශය ජල පෝෂක ප්‍රදේශයක් බැවින්  ජල මෝටර් යොදා එහි ජලයත් රොන් මඩත් ඉවත් කිරීමට ගත් අතර පෙරවරු 10.30 ට පමන දැරියගේ මළ සිරුර සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය පවසයි.

මියගිය දැරියගේ මව බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්‍ෂාව යටතේ එම ස්ථානයට රැගෙන ආ වේය. 

දැරියගේ මව එම දැරියගේ සිරුර බහැලු පොහොර කවරය ඇතුළු දෑ හදුනා ගනු ලැබුවාය.

සුදු පැහැති පොහොර උරයක බහා තිබූ එම දැරියගේ සිරුර බෙහෙව්න් නරක්වී තිබු අතර අස්ථි කොටස්, හිස කොටස, කළු ගල් තුනක් දැරියගේ බවට සැක කරන කුඩා සායක, ටී ෂර්ටයක් එම පොහාර කවරයේ තිබී සොයා ගනු ලැබීය.

එම මළ සිරුර රත්නපුර දිස්ත්‍රක් මහ රෝහලට රැගෙන ගොස් එහි අධිකරණ ව්ශේෂඥ වෛද්‍ය වරයකුට වෙත යොමුකර පශ්චාත් මරණ පරීක්‍ෂණයක් පවත්වා එම වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය එහිදි පොලිසියට නියෝග කළාය.