මල්කුමාරි ගීතරාණි කියන්නේ කලා පවුලකදාව උපන් ඇය කුඩා කලම රංගනයට පැමිණ ලංකාවේ බොහෝ දෙනාගේ ආදරය පාත්‍ර වූ චරිතයක්. මෑතක සිට ඇයව වැඩිවශයෙන් රංගනයෙන් දකින්නට නොලැබෙන්න හේතුවක් තිබෙනවා. ඒ පිළිබඳව ඇය අපත් සමග මෙසේ සඳහන් කළාය.
"ගොඩක් දෙනා හිතන්නෙ මම රංගනයෙන් ඈත් වෙලා කියලයි. නමුත් එහෙම දෙයක් නැහැ. රංගන සඳහා එක් වෙනවා. මම ළමයින්ගේ ආයතනයක් කරනවා. ඉතිං ඒ ආයතනයේ වැඩකටයුතුත් එක්ක ටිකක් කාර්යය බහුලයි. ඒ හින්දා රංගනයට එකතු වෙන්නෙ හොඳ නිර්මාණයක් සහ හොඳ දෙයක් ආවොත් පමණයි. මම උදේවරුවේ ඉස්කෝලේ, ඊට පස්සෙ කෙළින්ම යන්නෙ ආයතනයට. හොඳ නිර්මාණයක් හම්බුණාම මේ දේවල් ඔක්කෝම දාලා යන අවස්ථාත් තියෙනවා. මගේ ඉගෙනීමේ කටයුතුත් එකක් ටික කාලයක් රංගනයෙන් ඈත් වෙලා හිටියා. ඒ මිසක් ගොඩක් අයට මාව රංගනයෙන් ඈත් වෙලා කියලා දකින්නෙ මාව නිතර දකින්නේ නැති නිසා වෙන්න ඇති. ගිය අවුරුද්දෙත් මාගේ ටෙලිනාට්‍ය තුනක් විකාශනය වුණා. හැමදාම දකින්නේ නැහැ. නමුත් අවුරුද්දකටවත් එක ටෙලි නාට්‍යයක් සඳහාවත් දායක වෙනවා. ඒක නිසා හොඳ නිර්මාණයක් ලැබිලා තියෙනවා. ඉස්සරහට ඒක කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. මගේ කරපු ටෙලි නාට්‍යය දෙකක් ඉදිරියට එන්න තියෙනවා. හැමතිස්සෙම දකින්න වෙන්නෙ නැහැ. ඉඳහිට දකින්න පුළුවන්."
ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - මල්කුමාරිගේ ෆේස්බුක් ගිණුමෙන්