බොලිවුඩයේ ජනප්‍රිය නිළි මල්ලිකා ශෙරාවත් නැවතත් විවාහ වීමට යන පුවතක් ඉන්දියානූ මාධ්‍ය විසින් සඳහන් කරයි. ඇයගේ නවතම පෙම්වතා වන්නේ ප්‍රංශ ජාතිකයෙකු බවත්, ඔහු එම රටේ ප්‍රධාන පුරවැසියෙකු බවත් සඳහන් කරයි. ඔහුට එම රට තුළ විශාල වශයෙන් ව්‍යාපාරද ඇති බව සඳහන් කරයි. ඇය සිය ට්විටර් ගිණුම ඔස්සේ ඡායාරූපය ප්‍රසිද්ධියට පත්කරමින් සිය නවතම ප්‍රේම සම්බන්ධතාව සහ සිය හැඟීම් පිළිබඳ තොරතුරු දක්වා ඇති බවයි සඳහන් වෙන්නේ.