මවු රැජිනියනි ස්තුතියි


දෙවැනි එලිසබත් මහ රැජිනගේ අභාවයෙන් පසු කිරුළ හිමි පුතු තෙවැනි චාල්ස් රජු ජාතිය ශෝකයට පත් බ්‍රිතාන්‍ය වැසියන් මෙන්ම පොදු රාජ්‍ය මණ්ඩලය ද ආමන්ත්‍රණය කළේය.

බකිංහැම් මාලිගයේ සිට තෙවැනි චාල්ස් රජු කළ කතාව බ්‍රිතාන්‍ය වේලාවෙන් සවස 6 ට විකාශය කෙරුණි. නව රජු ලෙස තමන් තම ජීවිතය ජනතාව වෙනුවෙන් කැප කරනවා යැයි චාල්ස් රජු ප්‍රතිඥා දුන්නේය.

ඉන්පසු ඔහු මවු රැජින වූ දෙවැනි එලිසබත් රැජින ගැන ගුණ කථනයක් ද කළාය. එහිදී ඔහු ඇයට ස්තුති කිරීමට පවා අමතක නොකළේය.

(රොයිටර්)