සෞදි අරාබියේ රියාද් නුවර අති සුඛෝපභෝගී වෙළද සලක රැකියාව කරමින් සිටි ශ්රී ලාංකික සේවකයකුගේ දකුණත මස් අඹරන යන්ත්රයක හිරවීමෙන් තුවාල සිදුවී ඇතැයි වාර්තාවේ. මෙසේ අනතුරට භාජනය වී ඇත්තේ චීන වරායයේ සිට වසර දහයකට පෙර සෞදි අරාබියේ සුපිරි වෙළද සලක මස් කපන්නකු ලෙස රැකියාවට පැමිණි 46 හැවිරිදි මොහොම්මඩ් මුසාමිල් නමැති දෙදරු පියෙකි.
ඇසින් දුටු සාක්ෂි අනුව පැවසෙන්නේ ඉතා කාර්යශීලී පුත්ගලයකු වන මුසම්මිල් මහතා තම කාර්ය ඉක්මනින් නිම කිරීම සදහා මස් අඹරන යන්ත්රයට මස් දමා මස් හිර කිරීමට හොදා ගන්නා ප්ලාස්ටික් දණ්ඩ වෙනුවට තම දකුණත ඊට දැමු බවත් ඒ සමගම ඔහුගේ අත මස් ඇඹරෙන ලෙස ඇඹරි ගිය බවත් කියති.
කාර්ය මණ්ඩලය විසින් ඔහු වහාම රෝහල් ගත කර ඇති අතර මේ වනවිට රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබයි.