මධ්‍යම රජයෙන් පළාත් සභාවලට ලැබිය යුතු මුදල් හා එම මුදල් වියදම් කිරීමේ බලය විධිමත්ව පළාත් සභාවලට ලබාදෙන ලෙස සියලු මහ ඇමැතිවරු අද (23) පැවැත්වෙන රජයේ කැබිනට් මණ්ඩල රැස්වීමට පැමිණ ඉල්ලීමක් කරන බව මධ්‍යම පළාත් මහ ඇමැති සරත් ඒකනායක මහතා පැවසීය.
මෙවර පළාත් සභාවලට මුදල් වෙන් කිරීමේදී බලයෙන් කොටසක් මධ්‍යම රජය තබාගෙන ඇති බවත් එයින් පළාත් සභා කටයුතු වලට බාධා ඇතිවන බවත් කී ඒකනායක මහතා වර්දරාජා පෙරුමාල් වගේ අපි රටෙන් කොටසක් කඩා ඉල්ලන්නේ නැති බවත් පළාත් සභා අවශ්‍ය නැති නම් ඒ ගැන වෙනම කථා කළ යුතු බවත් කීවේය.
හාරිස්පත්තුවේ මහතැන්න සමාධි සෙනසුන විහාරස්ථානයේ පැවැති උත්සවයකදී මහ ඇමැතිවරයා ඒ බව සඳහන් කළේය.