මහ බැංකු අධිපති උමංදාව බලන්න යයි


( පුෂ්පකුමාර ජයරත්න )

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මැල්සිරිපුර උමංදාවට පැමිණ සිරි සමන්තභද්‍ර හිමියන් හමුවී උමංදාවේ සිදු කෙරෙමින් පවතින වගා සංග්‍රාමය ඇතුළු විවිධ සංවර්ධන ව්‍යාපෘති රැසක් නැරඹීය.

සිරි සමන්තභද්‍ර හිමියන්ගේ අදහසකට අනුව වාර්ෂිකව සිදු කරගෙන යන පාසල් සිසුන් දස දෙනකු සඳහා මාසිකව ශිෂ්‍යාධාර ලබාදීමේ වැඩ සටහන යටතේ සිසුන් පිරිසකට ශිෂ්‍යාධාර ප්‍රදානය කිරීමද මෙහිදී නන්දලාල් වීරසිංහ මහතා අතින් සිදු කෙරිණි.

මීට අමතරව සිරි සමන්තභද්‍ර හිමියන්ගේ මෙහෙයවීමෙන් සකස් කරන ලද උමංදාව ඒකාබද්ධ කළමණාකරන පද්ධතිය එළිදැක්වීමද මහ බැංකු අධිපතිවරයා අතින් සිදු කෙරිණි.

මෙම අවස්ථාවට සහභාගි වීම සඳහා නන්දලාල් වීරසිංහ මහත්මියද පැමිණ සිටි අතර සිරි සමන්තභද්‍ර හිමියන් ඔවුන් දෙදෙනා වෙනුවෙන්ම උමංදාවේ විශේෂ ආහාර වට්ටෝරුවලින් සකසන ලද සුවිශේෂී ආහාර වර්ග රැසක රස බැලීමේ අවස්ථාවද දෙදෙනාට හිමි වූහ.