ආණ්ඩුවට ආදායම සොයල දෙන තීරැ බදු එහෙම නූලට අයකරන ආයතනෙක ලොක්කෙක් පසුගිය දාක තමන්ගෙ අමාත්‍යංශයට සම්බන්ධ දෙවැනි මට්ටමේ දේශපාලන ලොක්කෙක් මුණගැහුණා.
දෙපාර්තමේන්තු ප්‍රධානියෙක් වුණත් උන්නැහේ හිටියෙ බොහොම මානසික මට්ටමින් වැටිල... "සර් මම දෙපාර්තමේන්තු ගණනාවක ලොක්කෙක් හැටියට වැඩකළා. ඔබතුමා දන්නවනේ"... කියල උන්නැහේ කතාව පටන්ගත්තා. "මුකුත් ඉතින් ප්‍රශ්නයක්ද? මොනවහරි තියනව නම් කියන්න" දේශපාලන ලොක්ක කිව්ව.
"ප්‍රශ්න එකක් නෙවෙයි සර්. ප්‍රශ්න පත්තරයක්... සර් මේ කතාව අපේ නෝන මහත්තයවත් හරියට දන්නෙ නැහැ. මෙහෙන් දෙන නියෝග තවදුරටත් ක්‍රියාත්මක කරන්න ගියොත් නම් සර් මට කවද හරි නවතින්න වෙන්නෙ වැලිකඩ". දෙපාර්තමේන්තු ලොක්ක දිග කතාවක් කෙටියෙන් කිව්ව...
"කිසිම ලිඛිත නියෝගයක් නැහැ. කව්දෝ කාන්තාවක් කතා කරලා මට අණ කරනවා අරක කරන්න මේක කරන්න කියලා. නොකළොත් ඉහළින් කැඳවනවා කියනවා. මේ කියන දෙවල් සර් එකක්වත් කරන්න පුළුවන් වැඩ නොවේ..."
දෙපාර්තමේන්තු ලොක්ක ආයෙම කියාගෙන ගියා.
"මම මෙහෙට එන්න කලින් හිටියෙ මහ ලේකම් කන්තෝරැවෙ එතනින් මෙතෙන්ට ආවමයි රඟ දැනුණේ" එයා අයෙම කිව්ව. දේශපාලන ලොක්ක දෙවැනි මට්ටමේ කෙනෙක් නිසා එයාටත් මේ ප්‍රශ්නෙට දෙන්න උත්තරයක් නැහැ දෙන්නම ටික ලොවක් මූණට මූණ බලාගෙන ඉඳල යන්න ගියා.