මහනුවර එක් දිශාවකට වාහන ධාවනය නතර වෙයි


මහනුවර නගරයේ වාහන තදබදයට විසදුමක් ලෙස මහනුවර නගර සභාව මගින් ක්‍රියාත්මක කළ   පස්වරු 3.30 න් පසු පේරාදෙණිය කොළඹ මාර්ගයේ වාහන එක් දිශාවකට ගමන් කිරිම සඳහා වන නීතිය අද (21)  සිට තාවකාලිකව අත් හිටවන බව මහනුවර මහ නගර සභාවේ නගරාධිපති සේන දිසානායක මහතා කීවේය.

නාගරික මන්ත්‍රිවරුන් විසින්  රථවාහන සැලැස්ම අත්හිටුවන ලෙස ඉල්ලා තමන්ට ලිපියක් භාර දුන් බවත් එය සැලකිල්ලට ගෙන රථ වාහන සැලැස්ම තාවකාලිකව අත්හිටවු  බව දිසානායක මහතා කියයි. මාර්තු 28 වැනි දා පැවැත්වෙන මහ සභා රැස්වීමට මෙම යෝජනාව ඉදිරිපත් කර ස්ථිර තීරණයක් ගන්නා බවද නගරාධිපතිවරයා පැවසීය.