මහනුවර නිලමේ අලි ප්‍රශ්නයක පැටලෙයි


මහනුවර ශ්‍රි දළදා පෙරහැරේ ගමන් ගත් ඇතුන් ගෙන් මිල්ලන්ගොඩ පොඩි රාජා මදකිපී ඇති බැවින් මෙවර මහනුවර ශ්‍රි දළදා පෙරහැරේ ගමන් කිරිමට නොහැකි බවත් මහනුවර ශ්‍රි දළදා පෙරහැරේ දළදා කරඬුව වැඩමවීමට සිටිනුයේ පරිනත දළ ඇතුන් තිදෙනෙක් බවත් ඔවුන්ගෙන් පසු පෙරහර කරඬුව වැඩමවීමට ගැටලුවක් මතුවන බවත් ශ්‍රී දළඳා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදිප් නිලංග දෑල මහතා  පැවැසිය.

කරඬුව වැඩමවීම සඳහා පරිනත අඩි 9 ක් පමණ උස අවුරුදු 35-40 ක් වයසේ පසුවන සද්දන්ත දළ ඇතකු අවශ්‍ය බවත් දැලේ ගමන් කිරීම සඳහා එම ප්‍රමාණයේම පරිනත දළ ඇතුන් අවශ්‍ය බවත් මෙම අඩුව පිරවීම සදහා ඉතාම ඉක්මනින් ඉන්දියාවෙන් එවැනි ඇතුන් ගෙන්වා ගත යුතු බවත් ඔහු සඳහන් කළේය.

මහනුවර දළදා පෙරහෙර පැවැත්වෙන සමයේ දිවයිනේ වෙනත් පෙර‍ෙරවල් නොමැති නිසා මෙවර දළඳා පෙරහර සඳහා අලි ඇතුන් 75 ක් පමණ සහභාගි කරවා ගත හැකි බවද ඔහු කීය.

පෙරහරට යොදා ගත හැක්කේ බෙර හඬ, පන්දම් එළියට, වාහන ශබ්දයට හුරු වු අලින් බවත් පින්නවල සිටිනා අලි පෙරහර සඳහා කිසිසේත් යොදා ගත නොහැකි බවත් හේ අවධාරණය කළේය.